ගණිතය හා සම්බන්ධ අපූරු කරුණු 5ක්!


01. කාඩ් කුට්ටම


ඔබ කාඩ් කුට්ටමක් ගෙන එය හොදින් අනාගත් විට කාඩ් පත් පිහිටන අනුපිලිවෙල විශ්වය පහළ වූ දා සිට මේ වනතුරු කිසිවෙකුට හමු නොවූ නවතම අනුපිළිවෙලක් වීමේ සම්භාවිතාව ඇති විශාලය.
ඔබ ගණිතය ඉගෙනුම යටතේ ක්‍රමරෝපිතය පිළිබඳව අධ්‍යනය කර ඇත්නම් මෙය ඔබටම ස්ථිර කර ගත හැකි විය යුතුය. (52! = 8 x 10^67 )


02. ලොව ජනප්‍රිය ම අංකය


ඔබ කැමතිම අංකය කුමක්ද ? එය අංක 7 වී නම් ඔබ පුදුමයට පත්විය යුතු නැත. බ්‍රිතාන්‍ය රචකයෙකු විසින් 2017 වර්ෂයේ පවත්වන ලද සංගණනයක සඳහන් වන පරිදි ලොව වැඩිම දෙනෙකුගේ කැමතිම අංකය 7 වේ. මෙහි අංක 3, 8 සහ 4 අනුපිළිවෙලින් දෙවැනි,තුන්වැනි සහ හතරවැනි වශයෙන් ජනප්රියතා දක්වා ඇත.










03. පයි (π ) හි අගය දශමස්ථාන 707 කට සෙවූ විලියම් ශාන්ක්


විලියම් ශාන්ක් යනු 1812 සිට 1882 වසර දක්වා විසූ බ්‍රිතාන්‍ය ජාතික ගණිතඥයෙක්. ඔහුගේ දිවියෙන් වැඩිම කාලයක් යොදවා ඇත්තේ පයි (π ) හි අගය දශමස්ථාන 707 කට නිවැරදි වන ලෙස අතින් ගණනය කිරීමට. කෙසේ නමුත් අවාසනාවන්ත ලෙස D.F. ෆර්ගසන් විසින් ගණක යන්ත්‍රයක අනුසාරයෙන් 1944 වර්ෂයේ දී සොයාගනු ලැබුවේ එම ගණනය කිරීම නිවැරදි වන්නේ දශම ස්ථාන 527කට පමණක් බවයි.




04. පීසාහි සැගවුණු ගණිතය


ඔබ Pizza ආහාරයට රුචිතාවය දක්වන්නෙක්ද ? එසේනම්  උස "z" සහ අරය "a" වන pizza එකක පරිමාව pi x z x z x a බව මතක තබාගන්න!





05. තායිලන්තයේ 555


ඔබ අන්තර් ජාලයේ  සමාජ ජාල තුල සැරිසරන විට "555" යෙදුම විශේෂ වශයෙන්ම තායිලන්ත ජාතිකයින්  අතර භාවිත වනවා දැක ඇති. එහි තේරුම "hahaha" යන්නයි. තායිලන්ත භාෂාවෙන් "5" උච්චරනය කරන්නේ "හා" ලෙස වීම මොවුන් මෙහිදී අපූරු ලෙස යොදාගෙන තිබෙනවා.

Comments

Popular posts from this blog

වර්ගමූල සෙවීම