වර්ගමූල සෙවීම
යම් සංඛ්‍යාවක් සමාන සාධක දෙකක ගුණිතයක් ලෙස ප්‍රකාශ කළ හැකිනම් එම එක් සාධකයක් පෙර කී සංඛ්‍යාවේ වර්ගමූලය වේ. උදා: මෙහි 11 ,121 හි වර්ගමූලය වේ. වර්ගමූලය සෙවිය හැකි ආකාර කිහිපයකි.ඉන් මූලික ක්‍රම 3 ක් පිළිබඳව සලකා බලමු. පිවිසෙන්න ගණිතය හා සම්බන්ධ අපූරු කරුණු 5ක් දැනගන්න 01 - ප්‍රථමක සාධක ඇසුරින් ඉහතින් දැක්වූ ආකාරයට යම් සංඛ්‍යාවක් සමාන සාධක දෙකක ගුණිතයක් ලෙසට සකසා ගතහැකි නම් එයින් වර්ගමූලය පහසුවෙන් ලබා ගැනීමට හැකිය.මෙලෙස සකසා ගැනීමට දෙන ලද සංඛ්‍යාව ප්‍රථමක සාධක වල ගුණිතයක් බවට පත් කර ගැනීම උපකාරී වේ. පළමු පියවර : දෙන ලද සංඛ්‍යාව පහත දක්වා ඇති ආකාරයට පිළිවෙලින් බෙදිය හැකි කුඩාම ප්‍රථමක සංඛ්‍යා මගින් බෙදීමෙන් ප්‍රථමක සාධක සියල්ල ලබා ගත යුතුය. ඉන්පසු අදාළ සංඛ්‍යාව එම ප්‍රථමක සාධක වල ගුණිතයක් ලෙස ලියා දැක්විය යුතුය. ...