Posts

ගණිතය හා සම්බන්ධ අපූරු කරුණු 5ක්!

Image
01. කාඩ් කුට්ටම ඔබ කාඩ් කුට්ටමක් ගෙන එය හොදින් අනාගත් විට කාඩ් පත් පිහිටන අනුපිලිවෙල විශ්වය පහළ වූ දා සිට මේ වනතුරු කිසිවෙකුට හමු නොවූ නවතම අනුපිළිවෙලක් වීමේ සම්භාවිතාව ඇති විශාලය. ඔබ ගණිතය ඉගෙනුම යටතේ ක්‍රමරෝපිතය පිළිබඳව අධ්‍යනය කර ඇත්නම් මෙය ඔබටම ස්ථිර කර ගත හැකි විය යුතුය. (52! = 8 x 10^67 ) 02. ලොව ජනප්‍රිය ම අංකය ඔබ කැමතිම අංකය කුමක්ද ? එය අංක 7 වී නම් ඔබ පුදුමයට පත්විය යුතු නැත. බ්‍රිතාන්‍ය රචකයෙකු විසින් 2017 වර්ෂයේ පවත්වන ලද සංගණනයක සඳහන් වන පරිදි ලොව වැඩිම දෙනෙකුගේ කැමතිම අංකය 7 වේ . මෙහි අංක 3, 8 සහ 4 අනුපිළිවෙලින් දෙවැනි,තුන්වැනි සහ හතරවැනි වශයෙන් ජනප්රියතා දක්වා ඇත. 03. පයි (π ) හි අගය දශමස්ථාන 707 කට සෙවූ විලියම් ශාන්ක් විලියම් ශාන්ක් යනු 1812 සිට 1882 වසර දක්වා විසූ බ්‍රිතාන්‍ය ජාතික ගණිතඥයෙක්. ඔහුගේ දිවියෙන් වැඩිම කාලයක් යොදවා ඇත්තේ පයි (π ) හි අගය දශමස්ථාන 707 කට නිවැරදි වන ලෙස අතින් ගණනය කිරීමට. කෙසේ නමුත් අවාසනාවන්ත ලෙස D.F. ෆර්ගසන් විසින් ගණක යන්ත්‍රයක අනුසාරයෙන්  1944 වර්ෂයේ දී  සොයාගනු ලැබුවේ එම ගණනය කිරීම නිවැ...

වර්ගමූල සෙවීම

Image
යම් සංඛ්‍යාවක් සමාන සාධක දෙකක ගුණිතයක් ලෙස ප්‍රකාශ කළ හැකිනම් එම එක් සාධකයක් පෙර කී සංඛ්‍යාවේ වර්ගමූලය වේ. උදා:  මෙහි 11 ,121 හි වර්ගමූලය වේ. වර්ගමූලය සෙවිය හැකි ආකාර කිහිපයකි.ඉන් මූලික ක්‍රම 3 ක් පිළිබඳව සලකා බලමු. පිවිසෙන්න   ගණිතය හා සම්බන්ධ අපූරු කරුණු 5ක්    දැනගන්න  01 - ප්‍රථමක සාධක ඇසුරින් ඉහතින් දැක්වූ ආකාරයට යම් සංඛ්‍යාවක් සමාන සාධක දෙකක ගුණිතයක් ලෙසට සකසා ගතහැකි නම් එයින් වර්ගමූලය පහසුවෙන් ලබා ගැනීමට හැකිය.මෙලෙස සකසා ගැනීමට දෙන ලද සංඛ්‍යාව ප්‍රථමක සාධක වල ගුණිතයක් බවට පත් කර ගැනීම උපකාරී වේ. පළමු පියවර : දෙන ලද සංඛ්‍යාව පහත දක්වා ඇති ආකාරයට පිළිවෙලින් බෙදිය හැකි කුඩාම ප්‍රථමක සංඛ්‍යා මගින් බෙදීමෙන් ප්‍රථමක සාධක සියල්ල ලබා ගත යුතුය. ඉන්පසු අදාළ සංඛ්‍යාව එම ප්‍රථමක සාධක වල ගුණිතයක් ලෙස ලියා දැක්විය යුතුය.                                                       ...